IMF සාකච්ජාවලදී ශ්‍රි ලංකාවට සහය දෙන බවට ඩොනල්ඩ් ලූ පවසයි

ඔක් 20, 2022

    ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සම්බන්ධයෙන් අන්තර් ජාතික මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන  සාකච්ඡාවලදී ‍ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහය ලබා දෙන බව, එක්සත්ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාප බාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ හමුවූ අවස්ථාවේ.

    හමුව ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා. ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු රජය ලබා දෙන අඛණ්ඩ සහය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳ සිය ස්තූතිය පිරිනැමීය.  ශ්‍රී ලංකාව තුළ සාමකාරී වතාවරණයක් ඇති කිරීම පිළිබඳ ජනාධිපතිවරයා වෙත ඩොනල්ඩ් ලූ මහතා, සුභාශිංසන පිරිනැමිණ. 

    අභියෝග ජය ගනිමින් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට හැකි සුදුසුම පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවයි, ඔහු කියා සිටියේ. මෙම දුෂ්කර කාල පරිජේදයේ දී ශ්‍රී ලංකාව සහ ජනතාවට ලබා දිය හැකි සෑම සහයක්ම ලබා දීම අපේක්ෂාව බවයි, ලූ මහතා කියා සිටියේ.

    ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම සහ ජාතීන් අතර සන්හිඳියාව ගොඩනැගීමට ජනාධිපතිතුමා ගන්නා උත්සහය ද මෙහිදී ඇඟයීමට ලක් කෙරුණා. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජූලී චංග්, දේශපාලන හා ආර්ථික උපදේශක සුසන් වෝක් යන මහත්මීන්ද මේ අවස්ථාවට එක්ව සිටියේය. 

    Latest News