සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ ගොවීන්ගෙන් අවශ්‍ය තරම් කිරි නොලැබීම මිල ඉහළ දැමීමට හේතුව බවයි. ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 850.00 සිට රුපියල් 950.00 දක්වාත්, කිලෝ ග්‍රෑම් 01ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 2120.00 සිට රුපියල් 2350.00 දක්වාත් ඉහළ යනු ඇති.