සෙල්ගිරි විහාරයේ අභිනව ශෛල්‍යමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරේ (වීඩියෝ)

මාර් 17, 2019

    උතුම් බෞද්ධ දර්ශනය මතු පරපුර වෙනුවෙන් සුරක්‍ෂිත කිරීමේ වගකීම උපරිමයෙන් ඉටු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

    කුලියාපිටිය, නැවකඩ, උඩුබද්දාව සෙල්ගිරි විහාරයේ අභිනව ශෛල්‍යමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට අද පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කරනු ලැබුවේ, රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් විසිනි. අභිනව ප්‍රතිමා වහන්සේට පළමු මල් පූජාව ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ. අනතුරුව එතුමා එහි සමරු ඵලකය නිරාවරණය කළේය.

    ස්වාභාවික කලුගලින් නිම කර ඇති අලංකාරවත් සෙල්පිළිම වහන්සේ අඩි 56ක් උසින් සමන්විතයි. විහාරවාසී පූජ්‍ය ආලංකුලමේ ප්‍රේමසිරි හිමියන් වෙත ජනාධිපතිතුමා මෙහිදී විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වීය. උන්වහන්සේ ද ජනාධිපතිතුමාට අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුවක් ප්‍රදානය කළහ.

    බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කළ දේශබන්දු සී.ඩබ්. වික්‍රමසිංහ මහතා වෙත සිහිවටන තිළිණයක් පිරිනැමුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    Last modified on ඉරිදා, 17 මාර්තු 2019 20:36

    Latest News