සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය බදු සියල්ල ඉවත් කෙරේ...

ඔක් 02, 2022

    දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය 05ක් මත පැනවූ බදු සියල්ල ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

    ආනයනික, නිමි, සනීපාරක්ෂක තුවා සඳහා බදු සහන සැලසීමට ද තීරණය කර ඇති බවයි, ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. කාන්තාවන් සහ පාසල් දැරියන් අතර සනීපාරක්ෂාව තහවුරු කිරීම සහ සනීපාරක්ෂක නිෂ්පාදන දැරිය හැකි මිලකට ලබාගැනීමේ හැකියාව සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබෙනවා.

    මෙම බදු සහන සමග දේශීයව නිෂ්පාදිත සනීපාරක්ෂක තුවා 10ක් සහිත පැකට්ටුවක මිල රුපියල් 50ක - 60ක මිලකින් අඩුවීමට නියමිතයි. ඒ අනුව, උපරිම සිල්ලර මිල රුපියල් 260ක්, 270ක් පමණ වනු ඇති. ආනයනික නිමි නිෂ්පාදනවල පාරිභෝගික සිල්ලර මිල 18%කින් හෝ 19කින් අඩුවීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත බදු සහන ලබාදීමට රජයේ බලධාරීන් අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.

    නිෂ්පාදකයින් මෙම අමුද්‍රව්‍ය ආනයනය කරන අවස්ථාවේදී අදාල බදු සහන ලබාගැනීම සඳහා කර් මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර් දේශ ලබාගත යුතුයි. ඒ සඳහා වන වැඩපිළිවෙළද මේ වන විට සකස් කර අවසන්. ඒ අනුව, රේගු අපනයනය මත 15%ක රේගු ආනයන බද්ද 10%ක් 15ක් වූ සෙස් බද්ද සහ 10%ක් වූ වරාය හා ගුවන්තොටුපොල සංවර් ධන බද්ද අමුද්‍රව්‍ය 05ක් ආනයනය කිරීමේදී හා අතරමැදි භාණ්ඩ ආනයනය කිරීමේදී ඉවත් කර තිබෙනවා. දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා වැට් බද්ද ලබාදී ඇත්තේ, ශුන්‍ය අනුපාතයක්. නිමි සනීපාරක්ෂක තුවා ආනයනය කරන්නන්ට ද ශුන්‍ය අනුපාත වැට් බද්දේ ප්‍රතිලාභ හිමිවනවා. සියලු ප්‍රතිලාභ ලබාදෙන්නේ, අර් බුද කාලසීමාවට බලපැවැත්වෙන පරිදියි. සනීපාරක්ෂක තුවා සඳහා වන අමුද්‍රව්‍ය ආනයනයට අය කරන බදු හේතුවෙන් මිල ඉහළයාම නිසා එම බදු අඩු කරන ලෙස දේශීය නිෂ්පාදකයින් පසුගියදා ඉල්ලීමක් කර තිබුණා.

    Latest News