තවත් ආධුනික නාවිකයන් 334 දෙනෙක් විසිර යති...

සැප් 07, 2022

    ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වෙච්චා නාවික හමුදාවේ 246 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 334 දෙනෙක් මූලික පුහුණුව අවසන් කර ඊයේ විසිර ගියා.

    උත්සවය ඊයේ රාත්‍රී පැවැත්වුණේ, බූස්ස ශ්‍රී ලංකා නාවික නෞකා නිපුන කඳවුරේදී.  විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා වූයේ, රියර් අද්මිරාල් සුජීව සෙනෙවිරත්නයි. විසිර යාමේ පෙළපාලිය පරීක්ෂාවෙන් අනතුරුව, පුහුණු කාලය තුළ විශේෂ කුසලතා දැක් වූ ආධුනික නාවිකයන් වෙත කුසලාන ප්‍රදානය කිරීම සිදු වුණේ, ප්‍රධාන ආරාධිතයා අතින්. දක්ෂතම ආධුනික නැවියාට හිමි කුසලානය හිමි කර ගත්තේ, ආර් පී එම් මධුසංඛයි. ආධුනික නැවියන් සරඹ පිටියෙන් ඉවත්ව යාමෙන් අනතුරුව, අලංකාරවත් සරඹ සංදර්ශනයකින් හා නාවික හමුදා තූර්ය වාදන කණ්ඩායමේ හා සංස්කෘතික කණ්ඩායමේ අංගවලින් උත්සවය වර්ණවත් වුණා.  

    Latest News