කොළඹ සිට යාපනය දක්වා  දුම්රිය ගමන්වාර ගණන සහ දුම්රිය සංඛ්‍යාව වැඩි කිරීමට පියවර...

අගෝ 21, 2022

    කොළඹ සිට යාපනය දක්වා  දුම්රිය ගමන්වාර ගණන සහ දුම්රිය සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි, රජය පවසනවා.

    අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා යාපනය පොදු ප්‍රවාහනය පිළිබඳව සොයාබැලීම සඳහා ඊයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේ මේ බව කියා සිටියා.   කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළ දුම්රියෙන් යාපනය බලා  පිටත්වූ අමාත්‍යවරයා ගමනාගමන කටයුතුවල පවතින අඩුපාඩු පිළිබඳව බලධාරින් සමග සාකච්ඡා කළා.

    අමාත්‍යවරයා ඇතුළු පිරිස යාපනය දුම්රිය ස්ථානයේදී පිළිගනු ලැබුවේ, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසින්.   අනතුරුව බන්දුල ගුණවර්ධන මහතා යාපනය, ලංගම ඩිපෝ සහ එහි ආයතන කිහිපයක් නිරීක්ෂණය කළා. දැනට අබලන් තත්වයේ පවතින බස්රථ අලුත් වැඩියා කිරීම හා ඊට අවශ්‍ය අමතර කොටස් ලබා ගැනීමට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් ලබාදුන්නා.

    Latest News