ඛනිජ තෙල් සහ විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය කටයුතු අඛණ්ඩව...

අගෝ 21, 2022

    ඛනිජ‍ තෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරිමේ සැලසුම්වලට එල්ල වී ඇති විරෝධතා පදනම් විරහිත බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. 

    ට්විටර් සටහනක් තබමින් අමත්‍යවරයා කියා සිටින්නේ ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් මීට පෙර වෘත්තිය සමිති නියෝජිතයන් වෙත ඉදිරිපත් කර ඇති බවයි. යෝජිත ප්‍රතිසංස්කරණවලට එරෙහිව ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව හෙට (21) විරෝධතාවක් සංවිධාන කර ඇති බවද, අමාත්‍යවරයා කියා සිටිනවා. විරෝධතා පැවැත්වීමට ඔවුන්ට ඇති අයිතියට අභියෝග නොකරන බව පවසන අමාත්‍යවරයා, ඛනිජ තෙල් සහ විදුලිබල යන ‍ක්ෂේත්‍ර දෙක ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදු කරන බව ද අවධාරණය කරනවා.                 

    Latest News