තවත් පෙට්‍රල් සහ ගෑස් නැවක් දිවයිනට...

ජූලි 22, 2022

    ඊයේ, (21) තවත් පෙට්‍රල් නෞකාවක් මෙරටට පැමිණි බව, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

    ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා කියා සිටින්නේ, සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම නෞකාවේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවයි.

    මේ අතර, ‍ ලි‍ට්රෝ ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ත් 3,700 ත් අතර ගෑස් ප්‍රමාණයක් රැගත් තවත් නෞකාවක් අද (22) උදේ දිවයිනට පැමිණියා. ලිට්රෝ සමාගම පවසන්නේ, මේ වන විට අඛණ්ඩව දිවයින පුරා ගෑස් බෙදාහැරීම සිදු කරන බවයි.

    Latest News