මාලු දැලකට පතුරම් හා මැගසින් හසුවේ

මාර් 11, 2019

    සූරියවැව ගල්වැව ජලාශයේ මසුන් අල්ලමින් සිටි ධීවරයෙකුගේ මාලු දැලකට ටී 56 වර්ගයේ පතුරම් මැගසීන් එකක් සමග ජීව උණ්ඩ 27ක් හසු වී තිබේ.

     

    අද (11) අලුයම් කාලයේ මසුන් ඇල්ලමින් සිටියදී මෙම ධීවරයාගේ දැලට මෙම උණ්ඩ සහ මැගසීනය හසුව ඇත.

    පසුව සූරියවැව පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව එම මැගසීනය සහ උණ්ඩ පොලිස් භාරයට ගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. මෙම ජලාශයේ තවදුරටත් උණ්ඩ සහ ගිනිඅවි ඇත්දැයි සොයා බැලීමට නාවික හමුදා කිමිදුම්කරුවන් කැදවා පරික්ෂා කිරීමේ කටයුතු කරන බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසයි. සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන සූරියවැව පොලිස් ස්ථානාධිපති කේ.කේ. රංගජීව මහතාගේ මූලිකත්වයෙන් සිදුවේ.

    Last modified on සදුදා, 11 මාර්තු 2019 16:13

    Latest News