කඩාකප්පල්කාරී වෘත්තීය ක්‍රියාමාර්ග වල නිරත නොවන්න - විදුලිබල ඇමති කියයි (වීඩියෝ)

ජූනි 08, 2022
  • අද (08) මධ්‍යම රාත්‍රියේ සිට විදුලිබල වෘත්තීය සමිති වර්ජනයක නිරත වන බවට දැනුම් දී තිබෙනවා.  

    රටේ සියලුම ජනතාව අභියෝගාත්මක කාලවකවානුවක ජීවත්වන බැවින් කඩාකප්පල්කාරී වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත නොවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ අමාත්‍ය කාංචන විජේසේකර මහතා විදුලිබල වෘත්තිය සමිතිවලින් ඉල්ලා සිටිනවා. වෘත්තීය සමිති සහ විපක්ෂය කිනම් චෝදනා නැගුවද රටේ ජනතාව වෙනුවෙන් විදුලි බල මණ්ඩල පනතේ සංශෝධන හෙට (09) අනිවාර්යෙන්ම සිදු කරන බව කංචන විජේසේකර මහතා අද (08) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

    Last modified on බදාදා, 08 ජූනි 2022 18:22

    Latest News