බීජ වී ගොවීන්ට ලබාදීමට රසායනික පොහොර මෙට්‍රික් ටොන් 2,202ක් නිකුත් කෙරේ...

ජූනි 08, 2022

    බීජ වී ගොවීන් වෙත ලබාදීමට අවශ්‍ය රසායනික පොහොර මෙට්‍රික් ටොන් 2,202ක් නිකුත් කර තිබෙනවා.

    කෘෂිකර්ම අමාත්‍යාංශය මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත්තේ, මහ කන්නයේ වී වගාවට අවශ්‍ය ගුණාත්මක බීජ වී ඌනතාවය වළක්වා ගැනීම සඳහායි. සාමාන්‍යයෙන් මහ කන්නයට අවශ්‍ය බීජ වී නිෂ්පාදනය කරනුලබන්නේ යල කන්නයේදීයි. මෙවර යල කන්නයේ බීජ වී වගා කළ ගොවීන් රසායනික් පොහොර නොමැතිවීම නිසා දැඩි ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පා සිටියා.

    මේ හේතුවෙන් බිත්තර වී වගා කරන ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර කඩිනමින් ලබාදීටම. පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා. මෙවර යල කන්නයේ බීජ වී වපුරා ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර 67,743ක්.

    එම කුඹුරු ප්‍රමාණයට අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 1,524ක් ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 372ක් සහ මියුරේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 406.5ක් වශයෙන් මේ වන විට පොහොර නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර මෙවර යල කන්නයේදී බීජ වගා කිරීමට අවශ්‍ය බිත්තර වී බුසල් 147,000ක් පෞද්ගලික අංශය විසින් ද ගෙවීන් වෙත මේ වන විටත් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    Latest News