දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ජල ගැලීම් සහ නාය අවදානම්...(වීඩියෝ)

මැයි 31, 2022
  • පවතින අධික වර්ෂාපතනයත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ජල ගැලීම් සහ නාය අවදානම් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, ඉදිරි දින කිහිපයේදී පවතින වැසි සහිත සුළං තත්වයේ තරමක වැඩිවීමක් අපේක්‍ෂා කරන බවයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රී සිට තද වැසි ඇඳ හැලෙමින් පවතිනවා. අප වාර්තාකරු පවසන්නේ, ඒ අනුව කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටමද ඉහළ යමින් පවතින බවයි. ආපදා අවදානමක් පවතින බැවින් ඒ පිලිබඳ සැලකිලිමත් වන ලෙස, නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවට දැනුම් දෙනවා....

    Last modified on අඟහරුවාදා, 31 මැයි 2022 19:16

    Latest News