නව නියෝජ්‍ය කතානායක ධුරයට අජිත් රාජපක්ෂ පත්වේ

මැයි 17, 2022

    නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පැවති රහස් ඡන්ද විමසී‍මේ ප්‍රතිඵල අනූව නව නියෝජ්‍ය කථානායකවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා තේරී පත්විය.

    ඔහුට පක්ෂව ඡන්ද 109ක් හිමිවූ අතර එම ධුරය සඳහා තරග කළ රෝහිණී කවිරත්න මහත්මිය ලබා ගත්තේ ඡන්ද 78ක් පමණයි. අවලංගු වූ ඡන්ද සංඛ්‍යාව 78ක්.

    රංජිත් සියඹලාපිටිය මහතා ඉල්ලා අස්වීමෙන් පසු හිස්වූ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා අද (17) පාර්ලිමේන්තුවේ දී නම් දෙකක් යෝජනා විය.

    සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රෝහිණී කවිරත්න මහත්මියව යෝජනා කළ අතර එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එය යෝජනාව ස්ථීර කෙරිණ.

    ජී.එල් පීරිස් මහතා විසින් අජිත් රාජපක්ෂ මහතාගේ නව යෝජනා කළ අතර සමන්ප්‍රිය හේරත් මහතා එය ස්ථීර කළේය.

    Latest News