හිටපු නාවික හමුදාපති ඇතුළු සැකකරුවන්ට නඩු පැවරීමට නීතිපති තීරණය කරයි

මාර් 06, 2019

    හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නඩු පැවරීමට නීතිපතිවරයා තීරණය කර තිබේ.

    නීතිපති දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඒ බව අද දැනුම් දෙනු දී තිබේ. 2008-2009 අතර කාලය තුළ තරුණයන් ඇතුලු පුද්ගලයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් වූ නඩුව අද කැඳ වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කෙරිණ.

    සිද්ධියට අදාළව ඇප මත සිටි ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සහ රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීම නීත්‍යානුකූල බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණය හමුවේ සඳහන් කළේය.

    සම්පත් මුණසිංහ, ප්‍රසාද් හෙට්ටිආරච්චි, චමින්ද කුමාර, ඩිලන්ත සේනාරත්න, ඇන්ටන් ප්‍රනාන්දු යන සැකකරුවන් ලබන 19 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    Latest News