රත්මලානේ රොහාගේ ගෝලයන් දෙන්නෙක් කොකේන් සමග අල්ලයි

මාර් 06, 2019

    උඩමුල්ල, නුගේගෝඩ ප්‍රදේශයේ දී කොකේන් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනිණ.

    වැටලීම සිදුකළේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් විසින්. 33 හැවිරිදි නිරෝෂණ ඉවන්න ශ්‍රීමාල් නමැති සැකකරු සතුව තිබී කොකේන් ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 500ක්ද, 34 හැවිරිදි වතුකරගේ මනෝජ් නොහොත් රත්මලානේ රතූ නමැති සැකකරු සතුව තිබී කොකේන් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 500ක්ද සොයා ගැනිණ.

    මෙම සැකකරුවන් දෙදෙනො රත්මලානේ රොහා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතයන් බවට අනාවරණය වී තිබේ.

    Latest News