සිනමා කර්මාන්තය නංවන්න නව වැඩපිළිවෙලක් - සජිත්

මාර් 06, 2019

    සිනමා කර්මාන්තය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෙටි කාලීන,මාධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩපිළිවෙලක් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි නිවාස,ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (6) පාර්ලිමේන්තුවේ දී මේ බව අමාත්‍යාංශ නිවේදනයක් ඉදිරිපත් කරමින් පැවසී ය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය දිනෙක ස්ථාවර නියෝග 27(2) යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා අමාත්‍යාංශ නිවේදනය ඉදිරිපත් කළේ ය.

    චිත්‍රපට නිෂ්පාදනය සඳහා බදු සහන නැවත ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා,චිත්‍රාගාර,කාර්මික අංශයේ යටිතල පහසුකම් ලබාදීම සඳහා පවතින ගැටළු හඳුනාගෙන කෙටි කාලීන, දිගු කාලීන,ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගෙන ඇතැයි පැවසී ය.

    එමෙන්ම ඊ - ටිකටින් ක්‍රමය සිනමාශාලා සඳහා හඳුන්වාදීමට සැලසුම් කොට ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා, සිනමාශාලාවල ප්‍රක්ෂේපණ යන්ත්‍ර ඩිජිටල් තාක්ෂණය යටතේ ලබාදීමට ඉල්ලුම් කර තිබෙන බව ද පැවසී ය.

     

    Last modified on බදාදා, 06 මාර්තු 2019 12:24

    Latest News