කන්තලේ සූරියපුර පළමු වැනි යුද හමුදා පොදු සේවා කඳවුරේ නිලධාරීන් විසිනුයි මෙම වී වගාව සිදුකර ඇත්තේ. පළමු අදියරේදී මෙම වී, සහල් බවට පත්කර යුද හමුදා සාමාජිකයින්ට ලබාදීමට පියවර ගෙන තිබෙනවා. වස විසෙන් තොර සහල්, සහනදායි මිලකට අලෙවි කෙරෙන බවයි, ලුතිතන් කර්නල් රවීන්ද්‍ර මීගම්මන මහතා සඳහන් කරන්නේ...