ලාල් කාන්ත අත්අඩංගුවට

මාර් 01, 2019

    අනුරාධපුර-කුරුණෑගල මාර්ගයේ අනුරාධපුර බන්ධනාගාරය ආසන්නයේ සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල් කාන්ත මහතා පොලිස් අත්අඩංගුවට පත්විය.

    ලාල් කාන්ත මහතා සිය කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී මාර්ගයේ ගමන් කළ යතුරු පැදියක ගැටී ඇති බව පොලිසිය කියා සිටී. අනතුරෙන් කාන්තාවක් සහ දැරියක් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කර ඇත. මෙම අනතුර අද පස්වරු 3.00ට පමණ සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    Last modified on සිකුරාදා, 01 මාර්තු 2019 19:41

    Latest News