නීතීඥ චමින්ද කුලරත්න ජනාධිපති අතිරේක ලේකම්...

පෙබ 19, 2022

    නීතීඥ චමින්ද කුලරත්න මහතා ජනාධිපති අතිරේක ලේකම් ධූරයට පත් කර තිබෙනවා.

    ඔහු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම් ලෙසද කටයුතු කරනවා. චමින්ද කුලරත්න මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයෙකු ලෙස මීට පෙර ක්‍රියා කළා. රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සහ එක්සත් රාජධානියේ බකිංහැම්ෂයර් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය හා පරිපාලනය පිළිබඳ පශ්චාද් උපාධිධරයෙක්.

    ඔහු මීට ප්‍රථම ජනාධිපති සහකාර ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ලේකම්, විපක්ෂ නායක අතිරේක ලේකම් හා එක්සත් රාජධානියේ, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක ඇතුළු තනතුරු රැසක් හොබවා ලත් අත්දැකීම් බහුල නිලධාරියෙක්. චමින්ද කුලරත්න මහතා ලන්ඩන් නුවර පිහිටි කන්සියුලර් නිලධාරින්ගෙන් සමන්විත වසර 120 කට වඩා පැරණි තානාපති සේවා නිලධාරින්ගේ සංගමයේ උප සභාපති ධූරයකට පත් ප්‍රථම දකුණු ආසියාතිකයා ද වනවා.

    Last modified on සෙනසුරාදා, 19 පෙබරවාරි 2022 18:50

    Latest News