ඩෙන්මාර්කය, එස්ටොනියාව, පාකිස්ථානය, ගැම්බියාව, කසක්ස්ථානය, පිලිපීනය, ඔස්ට්‍රියාව, අයිස්ලන්තය සහ ඊශ්‍රායලය සඳහා නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් ව සිටිති.
පාකිස්ථාන මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සිටත්, පිලිපීන තානාපතිවරයා බංග්ලාදේශයේ ඩකා නුවර සිටත් සෙසු තානාපතිවරු ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටත් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් සිදු කරති.
3. පාකිස්ථාන මහා කොමසාරිස් -මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උමාර් ෆාරූක් බර්කි
(Maj. Gen. (Retd.) Umar Farooq Burki)
4. ගැම්බියා මහා කොමසාරිස් - මුස්තාෆා ජවාරා මහතා (Mr. Mustapha Jawara)
5. කසක්ස්තාන තානාපති - නුර්ලන් සල්ගස්බයෙව් මහතා (Mr. Nurlan Zhalgasbayev)
6. පිලිපීන තානාපති - ඇලන් ඩෙනීගා මහතා ( Mr. Alan Deniega)
7. ඔස්ට්‍රියානු තානාපති - කතරිනා වයිසර් මහත්මිය (Ms. Katharina Wieser)
8. අයිස්ලන්ත තානාපති - ගඩ්නි බ්‍රගසන් මහතා (Mr. Gudni Bragason)
9. ඊශ්‍රායල් තානාපති - නාඕර් ගිලොන් මහතා ( Mr. Naor Gilon)
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ ප්‍රධාන සන්ධාන නිලධාරී සෙනරත් දිසානායක යන මහත්වරු මේ අවස්ථාවට එක් ව සිටියහ.