රාගම වෛද්‍ය පීඨයට ප්‍රහාරයක්

පෙබ 02, 2022

    රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට අද (02) උදෑසන යම් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇතැයි වාර්තා වෙයි.

    පොලිසිය ප්‍රකාශ කරන්නේ, පිටතින් පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

    එම ප්‍රහාරයෙන් තුවාල ලැබු වෛද්‍ය සිසුන් තිදෙනෙක් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

    මෙම පහරදීම සිදුකළ පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පැවසීය.

    Latest News