පදියතලාව බස් රථ අනතුරින් 17 කට තුවාල...

දෙසැ 19, 2021

    පදියතලාව, ගල්ලෝඩය පාලම අසළදී, වන්දනා නඩයක් රැගත් බස් රථයක්, අඩි 20 ක ප්‍රපාතයකට පෙරළීමෙන්, අනතුරක් සිදුවුණා.

    අද (19) අලුයම සිදුවූ මෙම අනතුරෙන්, 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. කිලිනොච්චිය ප්‍රදේශයේ සිට කතරගම බලා යමින් තිබූ වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයකුයි,  මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. පොලිසිය ප්‍රකාශ කළේ, අලුයම 2.30 ට පමණ අනතුර සිදුව ඇති බවයි.

    අධික වර්ෂාව මධ්‍යයේ බස් රථය ධාවනය වෙමින් තිබියදී, රියදුරාට මාර්ගය නිවැරදිව පෙනී නොයාම, අනතුරට හේතුව බවයි, පොලිසිය සඳහන් කර ඇත්තේ. අනතුර සිදුවන අවස්ථාවේ, රියදුරු ඇතුළු 47 දෙනෙකු බස් රථයේ ගමන්කර තිබෙනවා.

    Last modified on ඉරිදා, 19 දෙසැම්බර් 2021 16:38

    Latest News