ගෑස් සමාගම් දෙකකට අධිකරණ නියෝගයක්

දෙසැ 17, 2021

    ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්නායකයන්ට අනුකූලව ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් ඉන් මතුවට වෙළඳපොළට මුදාහැරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් ගෑස් සමාගම් දෙකකට නියෝග කළේය.

    ගෑස් කාන්දුවීම හේතුවෙන් ඇති වූ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ ලෙස ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළව අතුරු නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

    ඒ අනූව දැනට වෙළඳපොලේ මුදාහැර ඇති භාවිතා නොකළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙසත් අභියාචනාධිකරණය අධිකරණය තවත් නියෝගයක් නිකුත් කළේය.

    එමෙන්ම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත සංයුතිය එහි ප්‍රදර්ශනය කරන ලෙසද අධිකරණ විසින් අදාළ සමාගම්වලට නියම කළේය.

    දැනට පාරිභෝගිකයින් සතුව තිබෙන අඩක් භාවිත කළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවා ඒ සඳහා යම් මුදලක් ගෙවීමට ගෙවීමක් කරන ලෙස අදාළ සමාගම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද නාගානන්ද කොඩිතුවක්කු මහතා මීට පෙර අධිකරණයෙන් ඉල්ලා තිබිණ.

    මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා සුදුසු වැඩපිළිවෙළක් සකස් කළ ලෙස ද අධිකරණය විසින් පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කර සිටියේය.

    නඩු තීන්දු ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය වෙනුවෙන් පෙනී සිටීමට රජයේ නීතිඥ මනෝහර ජයසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක සංයුතිය තීරණය කිරීම සඳහා විශේෂ රැස්වීමක් ලබන විසි වනදා පැවැත්වීමට නියමිතව තිබුණ ද එම රැස්වීම හදිසියේ ඊයේ දින පැවතුණු බව සඳහන් කළේය.

    එම රැස්වීමේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු "ප්‍රොපේන්" සංයුතිය සියයට 30ක් විය යුතු බවට තීන්දු කෙරෙන බව ද රජයේ නීතිඥවරයා දැනුම් දුන්නේය.

    Last modified on සිකුරාදා, 17 දෙසැම්බර් 2021 12:24

    Latest News