එම චිත්‍රය නිර්මාණය කළ පිලිපීනයේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී Ranilo Abayan මහතා පසුගියදා සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අතර සිය සංචාරය නිමකර නැවත මවු රට බලා ගමන් කරන ඒ මහතා හමුවීමට ඊයේ (24) පස්වරුවේ ජනාධිපතිතුමා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගියේය. මෙහි දී ජනාධිපතිතුමා විසින් Ranilo Abayan මහතා වෙත විශේෂ ස්තුතිය පළ කරමින් සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය. මෙම අවස්ථාවට පිලිපීන කලාකරුවන් පිරිසක් ද එක්ව සිටියහ.