"ටුවරිසම් එක්ස්පෝ 2021" සම්මාන ප්‍රදානය...

නොවැ 22, 2021

    ශ්‍රී ලංකා "ටුවරිසම් එක්ස්පෝ 2021" ප්‍රදර්ශනයේ සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ පැවැත්වුණා.

    ඒ, කොළඹ වන් ගෝල් ෆේස් වෙළෙඳ සංකීර්ණයේදී. පසුගිය 15 වැනිදා ආරම්භ කෙරුණු ප්‍රදර්ශනය ඊයේ අවසන් කෙරුණා. කොවිඩ් වසංගතයෙන් පසුව මෙරට පැවැත්වූ පළමු සංචාරක ප්‍රදර්ශනය මෙයයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව, ප්‍රදර්ශනය සංවිධාන කෙරුණා.

    මෙරට ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් සේවා ආයතන ඊට ඉදිරිපත් වී සිටියා. ප්‍රදර්ශනය සංවිධානය කළේ, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංචාරක අධ්‍යයන අංශයයි. ඊයේ පැවති සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ, යුද හමුදාපති, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතායි. හෝටල් ක්‍ෂේත්‍රය නියෝජනය කරමින් තරුගකරුවන් රැසක් මෙහිදී සම්මාන හිමිකර ගත්තා.

    Latest News