අයවැය දෙවනවර කියවිමේ ඡන්ද විමසීම අද

නොවැ 22, 2021

    අයවැය දෙවනවර කියවිමේ ඡන්ද විමසීම අද පස්වරු 5.00ට (22) පැවැත්වීමට නියමිතයි.

    පසුගිය 12 වැනිදා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් දෙවනවර කියවීමේ විවාදය හත්වන දිනට අද පැවැත්වෙයි.

    හෙට (23) සිට අයවැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වන අතර එය ලබන දෙසැම්බර් 10 වැනිදා දක්වා දින 16ක් පැවැත්විමට නියමිතයි.

    පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ දෙසැම්බර් 10වැනි දින පස්වරු 05.00ට අයවැය තෙවනවර කියවිමේ ඡන්ද විමසීම පැවැත්විමට නියමිත බවයි.

    Latest News