මෙරට බූස්ටර් එන්නත ලබාදීම සාර්ථකව...

නොවැ 18, 2021

    කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් එන්නත ලබාදීම සාර්ථකව ක්‍රියාත්මකයි.

    එම එන්නත මේ දක්වා 145,000 කට ආසන්න පිරිසකට ලබාදී තිබෙනවා.  කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ සෞඛ්‍ය සේවකයන් ඇතුළු ඉදිරි පෙළ කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත ලබාදීම ප්‍රථමයෙන් ආරම්භ කෙරුණා. බස්නාහිර, දකුණ යන පළාත් සහ අනුරාධපුර, අම්පාර ඇතුළු දිස්ත්‍රික් කිහිපයක් කේන්ද්‍රකර ගනිමින් අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නත ලබාදීම ඊයේ සිට සිදු කෙරෙනවා. බූස්ටර් එන්නත ලෙස ලබාදෙන්නේ, ෆයිසර් එන්නතයි.

    Latest News