නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ තිදෙනෙක් අක්තපත්‍ර භාර දෙති...

නොවැ 16, 2021

    ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින තානාපතිවරු දෙදෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුම වෙත අද අක්කපත්‍ර බාරදුන්නා.

    මෙරට තායිලන්ත නව තානාපති ලෙස පත් කරනු ලැබ සිටින්නේ, පොජ් හාන්පොල් මහතායි. ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරයා ලෙස සන්ඩීලේ එඩ්වින් ශල්ක් මහතා පත් කරනු ලැබ සිටිනවා. මෙරට ජපාන නව තානාපතිවරයා වන්නේ, හිඩෙකි මිෂුකොෂි මහතායි. ශ්‍රී ලංකාව හා සිය රටවල් අතර දිගු කාලීන සබඳතා නව ක්‍ෂේත්‍ර ඔස්සේ වර්ධනය කර ගැනීමට කැප වන බව, නව රාජ්‍ය තාන්ත්‍රිකයන් ජනාධිපතිතුමා හමුවේ ප්‍රකාශ කළා.

    HE2 900px 21 11 16

    කොවිඩ් පැතිර යාම ආරම්භයේ සිටම රජයක් ලෙස ගත් ක්‍රියාමාර්ග, එන්නත්කරණය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය සහ කොවිඩ් වසංගත තත්වයත් සමග ආර්ථික කළමනාකරණයේදී මුහුණ දීමට ඇති අභියෝග පිළිබඳව ජනාධිපතිතුමා නව තානාපතිවරුන් දැනුවත් කළා. එහිදී සියලු රාජ්‍යයන් එක්ව වැඩ කිරීමේ හා එකිනෙකාට සහයවීමේ අවශ්‍යතාව ද ජනධිපතිතුමා පෙන්වා දුන්නා.

    HE3 900px 21 11 16

    කොවිඩ් වසංගතය පාලනයට සහ එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව තානාපතිවරුන් ජනාධිපතිතුමා වෙත ප්‍රසාදය පළ කළා. තම රජය නව සාමාන්‍යකරණය යටතේ ආර්ථික කටයුතු මෙහෙයවීමට අපේක්ෂා කරන ආකාරය, පැහැදිලි කළ ජනාධිපතිතුමා, මෙරට ආයෝජන අවස්ථා සඳහා එම රටවල ආයෝජකයන්ට ඉඩ ප්‍රස්ථා විවෘතව ඇති බවද සඳහන් කළා.

    කාබනික පොහොර භාවිතයට යොමුවෙමින් හරිත කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සහ මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් ඉහළ ප්‍රතිශතයක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීමට ගෙන ඇති පියවර පෙන්වා දුන් ජනාධිපතිතුමා , ඊට අවශ්‍ය තාක්ෂණය හා දැනුම ශ්‍රී ලංකාවට ලබාදීමට සහය වන ලෙස තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියා.

    තමා ආරක්ෂක ලේකම්වරයා සිටියදී දකුණු අප්‍රිකාවේ කළ සංචාර සිහිපත් කළ ජනාධිපතිතුමා, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා සිටියදී, ජයිකා ආයතනය සමග සංවර්ධන කටයුුතු සම්බන්ධයෙන් ඉතා සමීපව ක්‍රියා කිරීමට හැකිවූ බවද, ප්‍රකාශ කළා. තායිලන්ත තානාපති සහ දකුණු අප්‍රිිකා මහකොමසාරිස්වරයා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ වෙළෙඳ හා කෘෂි ක්‍ෂේත්‍රයේ ප්‍රවර්ධනයට දායකත්වය ලබාදෙන බවයි.

    ජපානය සහ ශ්‍රී ලංකාව අතර, 70 වසරක තානාපති සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට රැගෙන යාමට කටයුතු කරන බව, ජපාන තානාපති හිඩෙකි මිෂුකොෂි මහතා සඳහන් කළා. කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, ප්‍රධාන සංධාන නිලධාරී තුෂාර රොද්‍රිගෝ සහ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්  සුදේව හෙට්ටිආරච්චි යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News