උතුරු මාර්ගයේ දුරගමන් සේවා දුම්රිය යළි ඇරඹේ...

නොවැ 15, 2021

    පැවති අයහපත් කාලගුණය තත්වය හේතුවෙන් සිදුවූ මාර්ග අවහිරතාව මත තාවකාලිකව අත්හිටුවූ උතුරු මාර්ගයේ දුරගමන් සේවා දුම්රිය ධාවනය හෙට (16) සිට නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසා ඇත. 

    ඒ අනුව, හෙට සහ අනිද්දා (16 සහ 17) උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමට නියමිත අතර, දුරගමන් සේවා දුම්රිය කාල සටහන පහත දැක්වේ.

    හෙට (16) දුම්රිය කාලසටහන

    ● ගල්කිස්ස - කන්කසන්තුරය සීග්‍රගාමී දුම්රිය (කොළඹ කොටුවෙන් පිටත්වීම 5.45)

    ● කන්කසන්තුරය - ගල්කිස්ස සීග්‍රගාමී දුම්රිය (කන්කසන්තුරයෙන් පිටත්වීම 13.15)

    ● ගල්කිස්ස - කන්කසන්තුරය යාල්දේවි දුම්රිය (කොළඹ කොටුවෙන් පිටත්වීම 6.35)

    ● කන්කසන්තුරය - ගල්කිස්ස යාල්දේවී දුම්රිය (කන්කසන්තුරයෙන් පිටත්වීම 9.00)

    ● කොළඹ කොටුව - කන්කසන්තුරය (කොළඹ කොටුවෙන් පිටත්වීම 11.50)

    අනිද්දා (17) දුම්රිය කාලසටහන

    ● කන්කසන්තුරය - කොළඹ කොටුව නාරාන්තර දුම්රිය (කන්කසන්තුරයෙන් පිටත්වීම 5.30)

    Latest News