යාපනය - කොටුව දුම්රිය ධාවනය හෙට

නොවැ 02, 2021

    හෙට (03) සිට යාපනය හා කොළඹ කොටුව අතර පළමු දුම්රිය ධාවනය වන බව යාපනය දුම්රිය ස්ථානාධිපති ඊ ප්‍රදීපන් මහතා පවසයි.

    ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා පළමු දුම්රිය හෙට පස්වරු 5.45ට ධාවනය වන අතර කන්කසන්තුරයෙන් ද එක් දුම්රියක් පමණක් ධාවනය වෙයි.
    මෙම දුම්රිය ධාවනය මුලින්ම සාමාන්‍ය දුම්රිය ධාවනයක් ලෙසින් ආරම්භ වෙයි.
    යාපනය දුම්රිය ස්ථානාධිපති ඊ.ප්‍රදීපන් මහතා පවසන්නේ, මෙම දුම්රිය සඳහා කළින් ප්‍රවේශ පත්‍ර වෙන් කිරීමේ පහසුකම් මෙතෙක් සළසා දී නොමැති බවයි.

    Last modified on අඟහරුවාදා, 02 නොවැම්බර් 2021 09:39

    Latest News