ඩෙංගු යළි ව්‍යාප්තවීමේ අවදානමක්

ඔක් 23, 2021

    රට පුරා මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු ‌රෝගීන්ගේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බැවින් ඩෙංගු මර්දනය සඳහා වන වැඩපිළිවෙල පවතින ගෝලීය ව්‍යසනය මධ්‍යයේ වුවද ක්‍රමවත්ව හා කාර්යක්ෂමව පවත්වා ගෙන යාමට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදාළ සෞඛ්‍ය අංශ බලධාරීන් වෙත මේ වන විට උපදෙස් ලබා දී තිබේ.

    මේ වසරේ මේ වනවිට ඩෙංගු රෝගීන් 21,154 ක් පමණ වාර්තා වී තිබේ. මෙම රෝගීන් අතරින් මරණ 10ක් පමණ වාර්තා වී ඇත.

    වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාත තුලින්. එය 68%ක් වෙයි. ඊට අමතරව මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල, බදුල්ල, රත්නපුර සහ කෑගල්ල වැනි දිස්ත්‍රික්කවලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.

    නැවත පාසල් ආරම්භ කිරීමට සුදානම් වන අවස්ථාවේ විශේෂයෙන්ම පාසල් පරිශ්‍ර තුල මදුරුවන් බෝවිය හැකි ස්ථාන තිබෙනවා ද යන්න පරික්ෂාවට ලක්කර එම පරීශ්‍ර පිරිසිදු කිරිමට කටයුතු කළ යුතු බව ද අවධාරණය කෙරේ.

    Latest News