මාරු කරද්දී හොර ඩොලර් මාට්ටු

පෙබ 18, 2019

    ව්‍යාජ ලෙස මුද්‍රණය කළ අමෙරිකානු ඩොලර් නෝට්ටු තොගයක් මාරු කිරීමට උත්සාහ කළ පුද්ගලයෙක් කෑගල්ල පොලීසිය අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු උපාය දූතයෙකු මාර්ගයෙන් අත්අඩංගුවට ගත් බවයි, පොලීසිය පවසන්නේ.

    අමෙරිකානු ඩොලර් 100 නෝට්ටු 24ක් ඔහු සන්තකයේ තිබී සොයාගෙන තිබේ. එහි වටිනාකම, රුපියල් හාරලක්ෂ විසි දෙදහසකට අධිකයි. සැකකරු, කුරුණෑගල වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මුදල් නෝට්ටු මුද්‍රණය කළ යන්ත්‍ර හා උපකරණ සොයා ගැනීම සඳහා පොලීසිය විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබේ.

     

    Last modified on සදුදා, 18 පෙබරවාරි 2019 12:46

    Latest News