"මැණිකේ මගේ හිතේ" අති සාර්ථකව ඉන්දීය ප්‍රසංග වේදිකාවේ....(වීඩියෝ)

ඔක් 04, 2021
  • "මැණිකේ මගේ හිතේ" ගීතය තුළින් ලොවක් වසඟයට ගත් යොහානි ද සිල්වාගේ දෙවැනි ඉන්දීය ප්‍රසංගය අති සාර්ථක ලෙස ඊයේ පැවැත්විණ.

    ඒ, හයිද්‍රාබාද් හි ගාවිබොවිල් හි හාට්කප් කොෆි රංග ශාලාවේදී. භාරතයේ රසික හදවත් දිනාගත් සිංහල ගීතයක් ඉන්දීය අගනුවර ප්‍රසංගයක රැව්දුන් ප්‍රථම අවස්ථාව මෙයයි. ඇයගේ ප්‍රථම ඉන්දීය සජීව ප්‍රසංගය වූයේ ගුරුග්‍රෑම් එක්සෝබාර් සංගීත මැදිරියේ දී පසුගියදා පැවති ප්‍රසංගයයි. එය නැරඹීමට බොලිවුඩ් නළු නිළියන් හා ගායක ගායිකාවන් ද එක්වූහ. ප්‍රසංගය සංවිධාන කර තිබුණේ, ඉන්දීය මුල් පෙළේ සංගීත සමාගමක් වන වින්මන් ආයතනයයි.

    Last modified on සදුදා, 04 ඔක්තෝබර් 2021 17:33

    Latest News