මෙරට ප්‍රථම වරට ගුවන් මගින් තෙල් ගවේෂණය ඇරඹෙයි

සැප් 16, 2021

    ශ්‍රී ලංකාවේ ප්‍රථව වරට ගුවන් මගින් ඛණිජ තෙල් ගවේෂණය ඇරඹෙයි.

    ඒ අනුව මන්නාරම සහ කාවේරි ද්‍රෝණියේ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඛණිජ තෙල් සම්පත් ගවේෂණය සදහා ගුවන් යානා උපයෝගී කර ගනිමින් ගුරුත්වාකර්ශන හා චුම්භක ක්‍ෂේත්‍ර දත්ත රැස් කිරීම සහ සමීක්‍ෂණය පසුගියදා අරම්භ විය. බ්‍රිතාන්‍යයේ පිහිටි ලෝකප්‍රකට භෞතික පරීක්‍ෂණ සමාගමක් වන බෙල් ජියෝස්පේස් පෞද්ගලික සමාගම සමීක්‍ෂණය සිදුකර.

    දීර්ග කාලීනව ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් තිබිය හැකි ප්‍රදේශ බිම් කැබලි 20 කට වෙන්කර තිබිණි. තනි සමාගමකට එක් බිම් කැබැල්ලක් ගවේෂණයට දිර්ග කාලයක් ගතවන අතර වැයවන මුදලද ඉහළ මට්ටමක පවතී’ එමනිසා බිම් කැබලි 20 කුඩා කොටස් 873 කට වෙන්කර සිතියම් නැවත සකස් කෙරිණි. මෙරටට පැමිණෙන ඛණිජ තෙල් ආයෝජකයන්ට තමන් ගවේෂණය සදහා තෝරා ගන්නේ කුමණ කැබැල්ලදැයි තීරණය කිරීමට එම කැඹලිවල විද්‍යාත්මක දත්ත සහ තොරතුරු අවශ්‍ය වෙයි. ගුවන්ගත ගුරුත්වාකර්ෂණ චුම්භක ක්‍ෂේ්‍ර සමීක්‍ෂණය සිදුකෙරෙන්නේ එම තොරතුරු සම්පාදනය සදහායි.

    ශ්‍රී ලංකාව සහ බෙල් ජියෝස්පේස් පෞද්ගලික සමාගම අතර අත්සන් තබා ඇති ගිවිසුමට අනුව ගවේෂණවලින් සොයා ගන්නා දත්ත රැස් කිරීමෙන් ශ්‍රී ලංකාවට තුන් ආකාරයකින් ප්‍රතිලාභ අත්වන බව කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමති උදය ගම්මන්පිල මහතා පැවසීය’ එය විදේශ විනිමය උත්පාදන ව්‍යාපෘතියක්ද වෙයි.

    Latest News