'ආනයනික කාබනික පොහොරවල ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජිවීන් නැහැ'.. කෘෂිකර්ම අමාත්‍යාංශය

සැප් 14, 2021

    රජය ආනයනය කරන කාබනික නයිට්‍රිජන් පොහොරවල සත්ත්ව, ශාක හා මිනිසාට අහිතකර ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජිවීන් සිටින බවට සමාජ මාධ්‍ය හා ඇතැම් ජාතික මාධ්‍යන්හි පලවන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බවට කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

    අදාල කාබනික පොහොර වර්ගයන් ආනයනය කරනු ලබන්නේ අන්තර් ජාතික කාබනික පොහොර නිෂ්පාදනය සඳහා සහතික ලත් සමාගම්වලින් පමණි.

    ඒ එක් එක් පොහොර වර්ගය සඳහා ද අදාල අන්තර් ජාතික කාබනික පොහොර නිෂ්පාදන සහතිකය ලබා තිබිය යුතුය.

    මෙම පොහොර නිෂ්පාදන ක්‍රමවේදය තහවුරු කිරීම සඳහා ISO 17065 සහතික ලබා ඇති සමාගම්වලින් මෙරටට පොහොර ආනයනය කරනු ලබයි. 

    තවද  ISO 17025 අන්තර් ජාතික සහතිකකරණය ලත් එක් එක් පරාමිතීන් විශ්ලේෂණ කිරීම සඳහා ප්‍රණිතකරණය ලත් විශ්ලේෂණාගාරයකින් සහතික ලබා ඇති සත්ත්ව, ශාක හා මිනිසාට අහිතකර ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජිවීන් නොමැති  කාබනික පොහොර පමණක් මෙරටට ආනයනය කරන බවට ද කෘෂිකර්ම අමාත්‍යාංශය අවධාරණය කරයි.  

    Latest News