මේ වනවිට මෙරට ජනතාවට එන්නත් මාත්‍රා දෙකෝටි 31 ලක්ෂ 23,345ක් ලබා දී ඇති බව, වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එන්නත් ලබාදීමේ වැඩසටහනක් බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ දී අදත් ක්‍රියාත්මක කෙරිණ. ඒ ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන්.
තවත් එන්නත්කරණ වැඩසටහනක් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී පැවැත්විණ. එහිදී වයස අවුරුදු 20 ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට එන්නත් ලබාගත හැක.