පාප් වහන්සේ හමුවන බවට පළවන වාර්තා අසත්‍යයි;අග්‍රාමාත්‍ය කාර්යාලය

සැප් 08, 2021

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉතාලි සංචාරයේදී අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ බැහැ දකින බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ප්‍රකාශ කර ඇත. 

    අග්‍රාමත්‍යතුමා සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඉතාලිය බලා පිටත්ව යාමට නියමිතව ඇත්තේ එහි පැවැත්වීමට නියමිත උත්සවයකට සහභාගීවීම සඳහායි.  යුරෝපයේ පැරණිම අධ්‍යාපයන ආයතනයක් වන බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ජත්‍යන්තර සම්මන්ත්‍රණයේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසිනි.

    කිසිදු අවස්ථාවක අති උතුම් පාප්වහන්සේ බැහැ දැකීම සඳහා වතිකානුව වෙත යාමට අග්‍රාමාත්‍යතුමා ඉල්ලීමක් කර නැතැයි ද එවැනි ආරාධනාවක් හෝ ලැබී‍ නොමැති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය ද අවධාරණය කර ඇත.

    දේශනය අවසන්වූ පසු අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණීමට නියමිත බවයි එම අමාත්‍යාංශය නිකුත් කර ඇති ‍නිවේදනයේ සඳහන්වන්නේ.

    Latest News