අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් හා කෘෂිකර්ම ඇමති අතර සාකච්ජා

සැප් 01, 2021

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අභිනවයෙන් පත් කරන ලද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බ්‍රිග්‍රේඩියර් නිවුන්හැල්ල මහතා හා පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හා නිලධාරීන්, වී අලෙවි මණ්ඩලයේ සභාපති හා නිලධාරීන් සමග අත්‍යවශ්‍ය ආහාර තොග රැස් කිරීම පිළිබඳ විශේෂ සාකච්ජාවක් ඊයේ (31) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැත්විණ.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ මෙම සාකච්ජාවට පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හා එම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ද ඊට සහභාගී විය.

    රටේ පවතින අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය සහ එවැනි ආහාර ද්‍රව්‍ය හිඟයක් මපා පෑමට ජාවාරම්කරුවන් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඊට මුහුණ දිය යුතු ආකාරය මෙම හමුවේ දී විශේෂයෙන් සාකච්ජා විය.

    Latest News