වැඩිහිටි දීමනා ගෙවීම අද සහ හෙට

සැප් 01, 2021

    අගොස්තු මාසයට අදාළ වැඩිහිටි දීමනා මහජන ආධාර දීමනා ඇතුළු අනෙකුත් මහජන ගෙවීම් සඳහා අද (01) සහ හෙට (02) තැපැල් හා උපතැපැල් කාර්යාල විවෘතකර තිබේ.

    නියෝජ්‍ය තැපැල්පති තුසිත හුලංගමුව මහතා පවසන්නේ, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අදාළ තැපැල් හා උපතැපැල් කාර්යාල වෙත පැමිණ තම දීමනා ලබාගැනීමේ හැකියාව පවතින බවයි.

    මේ අතර දිවයින පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට අලුයම 04.00 සිට තොග වෙළෙඳුන් සඳහා විවෘතකර ඇත. 

    Latest News