මව්බිම රනින් ඔපවත් කළ දිනේෂ්ට ජනාධිපතිතුමාගෙන් සුභාශිංසන

අගෝ 30, 2021

    මෙවර ජපානයේ ටෝකියෝ නගරයේ පැවැත්වෙන පැරා ඔලිම්පික් තරගාවලියේදී ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකර දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් රණවිරුවාට මාගේ සුභාශිංසන පිරිනමමි.

    වරක මව්බිම රුදුරු ත්‍රස්තවාදයෙන් බේරා ගැනීමටත්, මෙවර ශ්‍රී ලංකා නාමය අන්තර්ජාතික ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියවීමටත් අපරිමිතව කැප වූ ඔබට මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නැවත නැවතත් ස්තූතිවන්ත වෙමි.

    Latest News