"බෙදුම්වාදයට එරෙහිව රට එක්සේසත් කරන සටනේ දී සිය වගකීම නොපිරිහෙළා ඉටු කළ රණවිරු දිනේෂ් ප්රියන්ත 2016 ඔලිම්පික් උලෙළේ දී ද අපේ මාතෘ භූමියට ලෝකඩ පදක්කමක් දිනා දීමට සමත් විය. ඒ අනුව අපේ රටට ඔලිම්පික් පදක්කම් දෙකක් දිනා දුන් එක ම සහ පළමු ක්රීඩකයා දිනේෂ් ප්රියන්ත ය."
"කොවිඩ් වසංගත තත්ත්වය නිසා මුහුණ පෑමට සිදු වූ අනේක විද බාධාවන් ද පරාජය කරමින් ඔබ රටට දිනාදුන් මෙම විජයග්රහණය සමස්ත ජාතිය ධෛර්යවත් කරන්නකි. සෙසු ක්රීඩක, ක්රීඩිකාවන්ට ද සිය උපරිම දක්ෂතා දක්වමින් අපේ සිංහ ධජය ඉහළට ම ඔසවා තැබීමට මෙම ජයග්රහණය හේතුපාදක වේවායි ද පතමි",