ප්‍රමිත බණ්ඩාරට ආණ්ඩු පක්ෂයේ සංවිධායක තනතුරක්

අගෝ 26, 2021

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරයෙක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර තිබේ.

    ඊට අදාළ පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (26) දින අරලියගහ මන්දිරයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට පිරිනමන ලදි.

    2021 සැප්තැම්බර් 01 වැනිදා සිට මෙම පත්වීම ක්‍රියාත්මකයි.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහත්වරු එක්ව සිටියහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 අගෝස්තු 2021 15:10

    Latest News