මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද

අගෝ 19, 2021

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර දැන් වීථි සංචාරය කරනවා.

    පෙරහර අද රාත්‍රී 06.57 ට යෙදුණු සුබ මොහොතින් ගමන් ආරම්භ කළා. කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර පෙරහර පැවැත්වෙන්නේ, ජන සහභාගීත්වයෙන් තොරවයි. දෙවැනි රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව වැඩම කර වන්නේ, දළදා මාලිගයේ ඇත් පන්තියේ ඉන්දිරාජා හස්තියා විසිනි.

    දෑල ඇතුන් ලෙස දළදා මාලිගාවේ ඇත් පන්තියේ මියන්රාජා හස්තියා සහ කැලණිය රාජමහා විහාරයේ කණ්ඩුල හස්තියා ගමන් කරනවා. පෙරහර දළදා වීදිය, ඩී එස් සේනානායක වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය ඔස්සේ ගමන් කර,  රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතයි.

    Latest News