චීනයෙන් ශ්‍රී ලංකාවට රු. කෝටි 6,150ක්

අගෝ 17, 2021

    රුපියල් කෝටි 6,150ක ණය පහසුකමක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ චීන සංවර්ධන බැංකුව අද ගිවිසුම් ගත වී තිබේ.

    ලංකාවේ චීන තානාපති කාර්යාලය මේ බව නිවේදනය කළේය. චීන තානාපති කාර්යාලයීය ට්විටර් වෙබ් අඩවියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් මත ණය පහසුකම් ලබාදීමට එරට රජය පියවර ගත් බවයි.

    කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන ආර්ථිකය ශක්තිමත් කිරීම, මූල්‍ය ස්ථාවරත්වය හා ජීවන තත්වය නැංවීම සඳහා වන රජයේ වැඩපිළිවෙළට සහය පිණිස මේ මුදල් පිරිනැමෙන බව, චීන ට්විටර් සටහනේ දැක්වේ.

    Latest News