නිරෝධායන නීතිරීති උල්ලංඝණය කළ 253 ක් අත්අඩංගුවට

අගෝ 16, 2021

    පසුගිය පැය 24ක කාලය තුළ දී නිරෝධායන නීතිරීති උල්ලංඝණය කරමින් හැසිරුණු පුද්ගලයින් 253 දෙනෙකු අත්අඩංගුවට පත් තිබේ.

    ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවයි.

    ඒ අනුව මේ දක්වා නිරෝධායන නීතිරීති උල්ලංඝණය කිරීම් හේතුවෙන් පසුගිය මාස 10ක කාලය තුළ දී අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 54,612ක් දක්වා ඉහළට යන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. මේ අතර ඊයේ දිනය තුළදීත් බස්නාහිරින් පිටවන සහ ඇතුළුවන ස්ථානවල පිහිටා ඇති මුර කපොලුවල දී පුද්ගලයින් 2,411 පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී පිළිගත හැකි හේතුවක් නොමැතිව පළාත් මායිම් තරණය කිරීමට උත්සාහ කළ පුද්ගලයින් 479 දෙනෙකු සහ ඔවුන් පැමිණි වාහන 361ක් මෙම පරීක්ෂා කිරීම්වල දී නැවත හරවා යවා තිබෙනවා.

    Latest News