කාබුල් නුවර සිටින ශ්‍රී ලාංකිකයන්ට ඉන් ආරක්‍ෂිතව පිටවීමට අවස්ථාව සලසනවා; අමාත්‍ය දිනේෂ්

අගෝ 15, 2021

    ඇෆ්ගනිස්තානයේ අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

    අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, අවශ්‍යතාවක් මතු වුවහොත් එරට කාබුල් නුවර සිටින ශ්‍රී ලාංකිකයන්ට ඉන් ආරක්‍ෂිතව පිටවීම සඳහා අවස්ථාව සලසා දී ඇති බවයි. මේ වනවිටත් කාබුල් නුවර 50කට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැඳී සිටී.

    කාබුල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇතුලු අනෙකුත් සියලුම රටවල තානාපති කාර්යාල නිලධාරීන්ට එක්සත් ජාතීන්ගේ සම්බන්ධීකරණය මත ආරක්‍ෂිතව එරටින් පිටවීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    Latest News