දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක කඩ සාප්පු සතියකට වැසේ

අගෝ 15, 2021

    දිවයිනේ ප්‍රදේශ රැසක වෙළෙදසැල් හා ව්‍යාපාරික ස්ථාන දින කිහිපයකට වසා දැමීමට වෙළෙද සංගම් තීරණය කර තිබේ.

    ඒ අනූව, වේයන්ගොඩ නගරයේ පිහිටි තම සංගමයට අයත් සියලූ කඩසාප්පු සතියක කාලයකට (15 සිට 21 ) වසා දැමීමට පියවර ගත් බව වේයන්ගොඩ වෙළෙඳ සංගමයට පවසයි.
    එම සංගමයේ සභාපති එස්. අයි. එස් වීරසිංහ මහතා සඳහන් කරන්නේ, එම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තාවීම ඉහළ යාම හේතුවෙන් මෙම රෝගය පැතිරයාම වළක්වාගැනීමට සහය දැක්වීමක් ලෙස මෙම තීරණය ගත් බවයි.
    කොරෝනා රෝගීන් ගේ ප්‍රමාණය වැඩි වීමත් ගත වූ කාල සීමාව තුළ දී වේයන්ගොඩ ප්‍රදේශයේ පුද්ගල මරණ 18 සිදුවීමක් සැලකිල්ලට ගනිමින් රෝගය තවදුරටත් පැතිරීම වළක්වා ගැනීමට සහාය දැක්වීම සඳහා තම සංගමය වෙළඳ සැල් වසා දැමීමට තීරණය කළ බව

    එමෙන්ම, ගම්පහ නගරයේ වෙළඳසල් සහ සියලුම ව්‍යාපාරික ස්ථාන හෙට (16) සිට සතියක කාලයක් (23) වසා තැබෙන බව නාගරික එක්සත් වෙළඳ සංගමය තීරණය කර තිබේ.
    එහි ලේකම් සුමිත් අල්විස් මහතා පවසන්නේ, මේ සම්බන්ධයෙන් ගම්පහ නගරාධිපතිවරයා, දිසාපතිවරයා , ප්‍රාදේශීය ලේකම්වරිය, කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දැනුවත් කිරීමට තමන් සහ නාගරික එක්සත් වෙළඳ සංගමයේ සභාපති සුසාන් කුමරප්පෙරුම විසින් පියවර ගෙන ඇති බවයි.

    එමෙන්ම රත්නපුර නගරයේ ද සියලු කඩ සාප්පු සතියක කාලයක් සදහා තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

    Latest News