පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අගෝ 15, 2021

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, අනුරාධපුරය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ.

    උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගනී. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින් විට
    පැයට කි.මි. 40-50 දක්වා වැඩිවිය හැක.

    ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    Latest News