පළාත් අතර සංචරණ සීමා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට රජය අවසර ලබාදී නොතිබුණත්, අත්‍යවශ්‍ය රාජකාරි සඳහා ගමන් ගන්නා මගීන් සඳහා අද අන්තර් පළාත් බස් රථ සේවාව හා දුම්රිය ගමන්වාර අලුයම සිට ක්‍රියාත්මක කෙරිණ.
දුර ගමන් සේවා බස් රථවලින් කොළඹට මගීන් පැමිණි අතර, ඇතැම් මාර්ගවල මගීන්ගේ පැමිණිමේ අඩුවක් දක්නට ලැබිණ. අධිවේගී මාර්ගවල බස් රථ සේවාව ද ආරම්භ කෙරිණ.