සූර්යා වටා වළයාකාර දේදුන්නක්....

ජූලි 29, 2021

    දකුණේ ප්‍රදේශ කිහිපයකට අද (29) මධ්‍යහ්න කාලයේදී සූර්යයා වටා දේදුන්කක් දර්ශනය වී තිබේ.

    තරමක් වළාකුළු පැවති අහසේ සුර්යයා වටා වලයාකාරව දේදුනක් මධ්‍යහ්න 12.00ත් 1.00ත් අතර දර්ශනය වී, පස්වරු 1.30 පමණ වනවිට එය නොපෙනී ගොස් ඇත. 

    මේ පිළිබඳව අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශය අංශ ප්‍රධානී මහාචාර්ය චන්දන ජයරත්න......

    “මාතර ප්‍රදේශයේ පිරිසක් සූර්යයා වටා තිබෙන වෘත්තාකාර රැස්වළල්ලක් නැතහොත් ප්‍රභා මණ්ඩලයක් දැක තිබෙනවා. ඉංග්‍රීසින් කියන්නේ හේලෝ කියලා. එය සඳක් වටා වුණත් ඇතිවෙන්න පුළුවන්.

    එය විශේෂ සංසිද්ධියක්. අහසේ ජලවාෂ්ප නැති වූ විට ඉහළට යන ස්වල්ප ජලවාෂ්ප ප්‍රමාණය ස්පඨික වශයෙන් හැදෙනවා. එම අයිස් ස්ඵඨික හරහා සූර්යාලෝකය එන විට එය වර්තනයට ලක්වූ විට මෙවැනි වර්ණවත් රතුපාට ඇතුළෙත් වෙනත් වර්ණ ඊට පසුව සිටින විදියට වෙනත් වර්ණ පිහිටන අවස්ථා තියෙනවා. රැස් වළල්ලක් ලෙස පෙනෙනවා. මෙය සාමාන්‍යයෙන් අංශක 22 ප්‍රභා මණ්ඩල ලෙස ද හඳුන්වනවා.

    Surya px 900 29 07 21

    පැරැන්නන් කාලගුණය පිළිබඳව අනාවැකි පළ කරන්නට මෙවැනි ලක්ෂණ යොදා ගත්තා. මෙය වලාකුළක වළාකුළු වැඩි වශයෙන් තිබෙන විට ඇතිවුවහොත් පැය විසි හතරක් ඇතුළත වැස්සක් එනවා කියන එකයි මෙයින් හැඳින්වෙන්නේ. නමුත් මෙවැනි ඉහළ අහසේ ඇති වන විට මෙය වියළි කාලගුණ තත්ත්වයක් ළඟ එන බව ලක්ෂණයක් හැටියටයි පෙන්වන්නේ.

    මෙය දර්ශනය වෙන්නේ එවැනි අයිස් ස්ඵඨික තිබෙන ප්‍රදේශවල පමණයි. හැම ප්‍රදේශයකටම එකවර දර්ශනය වෙන්නේ නැහැ.“ යැයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

    Latest News